මහාවංස ප්රදීපිකාව Mobile App
“මහාවංස ප්රදීපිකාව” Mobile App එක නිර්මාණය කරන ලද්දේ ශ්රී ලංකාවේ රාජ ඉතිහාසය නවීන ඩිජිටල් තාක්ෂණය සමඟ සම්බන්ධ කරමින්, මහාවංස ප්රදීපිකාව ග්රන්ථයේ භාවිතය තවත් පහසු හා පුළුල් කිරීමේ අරමුණිනි.
මෙය ග්රන්ථයේ ඩිජිටල් පිටපතක් නොව, මුද්රිත ග්රන්ථයට සහායක ඩිජිටල් මෙවලමක් ලෙස නිර්මාණය කර ඇත. ශ්රී ලංකාවේ රාජධානි සහ රජවරුන් පිළිබඳ තොරතුරු සොයා බැලීම, ග්රන්ථයේ අවශ්ය තොරතුරු අඩංගු පිටු හඳුනාගැනීම සහ QR කේත මඟින් අදාළ ඩිජිටල් තොරතුරු වෙත ඉක්මනින් පිවිසීම සඳහා මෙය භාවිත කළ හැක.
විශේෂයෙන් පිටු 650ක පමණ විශාල ග්රන්ථයක අවශ්ය තොරතුරක් ඉක්මනින් සොයාගැනීමේ ගැටලුවට ඩිජිටල් විසඳුමක් ලබාදීම මෙහි වැදගත් අරමුණකි. ඒ සමඟ ග්රන්ථ හිමියන් සඳහා විශේෂ සේවාවන්ද App එකට සම්බන්ධ කර ඇත.
වසර දහයකට ආසන්න කාලයක් පුරා ගොඩනැගුණු මහාවංස ප්රදීපිකාව පර්යේෂණ ව්යාපෘතිය, මුද්රිත ග්රන්ථයකින් පමණක් සීමා නොකර Book + QR + Mobile App + Online Resources යන එකිනෙකට සම්බන්ධ පද්ධතියක් බවට පත් කිරීමේ තවත් වැදගත් පියවරක් ලෙස මෙම App එක හැඳින්විය හැක.








