මහාවංස ප්රදීපිකාව – ග්රන්ථ කවරය සහ ප්රකාශන නිර්මාණය

Category: Book Cover & Editorial Design
Year: 2026
Author & Designer: Isura Wickramarachchi
Format: A4 | පිටු 650 | පූර්ණ වර්ණ | Hard Cover
“මහාවංස ප්රදීපිකාව” යනු වසර දහයකට ආසන්න ඉතිහාස පර්යේෂණයක්, ග්රන්ථ නිර්මාණය, රූප නිර්මාණය සහ නවීන ප්රකාශන තාක්ෂණය එකට එක් කළ මගේ විශාලතම පෞද්ගලික නිර්මාණ හා ප්රකාශන ව්යාපෘති අතරින් එකකි. මෙම ග්රන්ථයේ කතුවරයා ලෙස කටයුතු කිරීමත් සමඟ එහි සමස්ත දෘශ්ය අනන්යතාව, කවර නිර්මාණය සහ ප්රකාශන සැලසුම ද මා විසින් නිර්මාණය කරන ලදී.
ග්රන්ථයේ ඓතිහාසික වටිනාකම සහ ගාම්භීරත්වය පිළිබිඹු වන ආකාරයෙන් එහි premium hardcover නිර්මාණය කර ඇති අතර, Gold Stamping සහ UV Lamination වැනි මුද්රණ නිමාවන් භාවිත කර ඇත. A4 ප්රමාණයේ පූර්ණ වර්ණ පිටු 650කින් පමණ සමන්විත ග්රන්ථයට පරම්පරා/පවුල් සටහන් 170කට වැඩි ප්රමාණයක්, ප්රතිනිර්මාණය කළ ඓතිහාසික චරිත රූප 200කට වැඩි ප්රමාණයක් සහ සම්පූර්ණ පිටු රූප 200කට වැඩි ප්රමාණයක් ඇතුළත් වේ.
විශාල ඓතිහාසික තොරතුරු ප්රමාණයක් පාඨකයාට පහසුවෙන් අවබෝධ කරගත හැකි දෘශ්යමය ව්යුහයකට පත් කිරීම මෙම ව්යාපෘතියේ ප්රධාන නිර්මාණ අභියෝගයක් විය. ඒ සඳහා typography, page hierarchy, illustrations, family trees සහ අනෙකුත් graphic elements එකිනෙකට ගැළපෙන ඒකාබද්ධ editorial design system එකක් ලෙස සැලසුම් කරන ලදී.
එමෙන්ම QR තාක්ෂණය ග්රන්ථයට සම්බන්ධ කිරීම මඟින් සාම්ප්රදායික මුද්රිත ග්රන්ථයක් සහ ඩිජිටල් තොරතුරු පද්ධතියක් අතර සම්බන්ධතාවයක්ද නිර්මාණය කර ඇත.
නිර්මාණාත්මක පැත්තෙන් බැලූ විට, “මහාවංස ප්රදීපිකාව” යනු මගේ Book Cover Design, Editorial Design, Historical Visualisation, Digital Illustration සහ Print Production යන ක්ෂේත්රවල අත්දැකීම් එකම ව්යාපෘතියක් තුළ එක්වූ සුවිශේෂී නිර්මාණයකි. මෙහිදී මා කතුවරයා, පර්යේෂකයා සහ නිර්මාණකරුවා යන භූමිකා තුනම ඉටු කර ඇත.


















සංවාදයට එක්වන්න.