කොවිඩ් සමයේ දරුවෙකුගේ අධ්යාපනය සඳහා ජංගම දුරකථනයක් පරිත්යාග කිරීම

දිනය: 2021-07-04
ව්යාපෘතිය: Mobile Phone Donation - Online Education Support
කොවිඩ් වසංගතයත් සමග පාසල් අධ්යාපනය සාමාන්ය පරිදි පවත්වාගෙන යාමට නොහැකි වූ කාලයේ, බොහෝ දරුවන්ට තම අධ්යාපන කටයුතු කරගෙන යාමට ජංගම දුරකථනය අත්යවශ්ය උපකරණයක් බවට පත් වුණා. රට තුළ ගමනාගමනය සීමා කර තිබූ එම කාලයේ දරුවන්ගේ අධ්යාපනයේ විශාල කොටසක් දුරස්ථ ක්රමයට සිදු වුණා.
එවැනි අවස්ථාවක අප ප්රදේශයේ ජීවත් වූ දරුවෙකුට අධ්යාපන කටයුතු සඳහා භාවිත කළ හැකි ජංගම දුරකථනයක් නොමැති බව දැනගන්න ලැබුණා. ඒ නිසා මා සතුව තිබූ, තවදුරටත් හොඳින් භාවිත කළ හැකි ජංගම දුරකථනයක් එම දරුවාගේ අධ්යාපනය වෙනුවෙන් පරිත්යාග කිරීමට මම තීරණය කළා.
මෙම පරිත්යාගය සිදු කළ 2021 ජූලි 4 දිනය මගේ උපන්දිනය වීම මට විශේෂත්වයක්. උපන්දිනයක් වෙනුවෙන් යමක් ලබාගැනීමට වඩා, දරුවෙකුගේ අධ්යාපනයට අවශ්ය දෙයක් ලබාදීමට හැකිවීම මට ලැබුණු භාග්යයක් ලෙස මම සලකනවා.
මෙම කුඩා කටයුත්ත එතැනින් අවසන් වුණේ නැහැ. පසුව මේ පිළිබඳව දැනගත් මගේ හිතවතුන් කිහිපදෙනෙකුද තමන් භාවිත කළ, තවදුරටත් ප්රයෝජනයට ගත හැකි ජංගම දුරකථන මා වෙත ලබාදුන්නා. එම දුරකථනද අධ්යාපන කටයුතු සඳහා දුරකථන අවශ්ය වූ තවත් දරුවන් වෙත ලබාදීමට හැකි වුණා.
එක් දරුවෙකු වෙනුවෙන් කළ කුඩා පරිත්යාගයක් තවත් හිතවතුන්ගේ සහයෝගයත් සමග දරුවන් කිහිපදෙනෙකුට උපකාර කළ හැකි කටයුත්තක් බවට පත්වීම නිසා, 2021 මගේ උපන්දිනය මට විශේෂයෙන් මතකයේ රැඳුණු දිනයක්.






සංවාදයට එක්වන්න.