← සියලු කටයුතු
පෞද්ගලික · චිත්‍රපට

විෂම භාග – මාධ්‍ය දර්ශනය

දිනය10 Dec 2019ස්ථානයSavoy Cinema, වැල්ලවත්ත
විෂම භාග – මාධ්‍ය දර්ශනය
විස්තරය

දිනය: 2019 දෙසැම්බර් 10
ස්ථානය: Savoy Cinema, වැල්ලවත්ත
අවස්ථාව: විෂම භාග (The Other Half) චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනය
සහභාගීත්වය: ආරාධිත අමුත්තෙකු ලෙස

අවස්ථාව පිළිබඳව

2019 දෙසැම්බර් 10 වන දින වැල්ලවත්ත Savoy Cinema සිනමා ශාලාවේ පැවති “විෂම භාග – The Other Half” චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයට ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වුණෙමි.

දේශීය හා ජාත්‍යන්තර සිනමා උළෙල රැසක ඇගයීමට ලක්වූ මෙම චිත්‍රපටය, ශ්‍රී ලාංකීය සිනමාවේ සමාජ හා මානවීය තේමාවන් ඉදිරිපත් කළ නිර්මාණයක් ලෙස විශේෂත්වයක් ගනී. මාධ්‍ය නියෝජිතයන්, සිනමා ක්ෂේත්‍රයේ ශිල්පීන් සහ ආරාධිතයින් සමඟ චිත්‍රපටය නැරඹීමට සහ අදහස් හුවමාරු කරගැනීමට මෙහිදී අවස්ථාව ලැබුණි.

මගේ ගමනේ වැදගත්කම

Films.lk හරහා ශ්‍රී ලාංකීය සිනමාව පිළිබඳ තොරතුරු රැස්කිරීම, ලේඛනගත කිරීම සහ ඩිජිටල් ලෙස සංරක්ෂණය කිරීම සඳහා මා දිගුකාලීනව සිදුකරන කාර්යයේදී, මෙවැනි සිනමා දර්ශන හා ක්ෂේත්‍රයේ අවස්ථාවන්ට සහභාගී වීමද වැදගත් අංගයක් විය.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.