අපි දෙන්නා එක්ව කළ වෙසක් සැරසිලි වෙළඳසැල – වැලිපිල්ලෑව

දිනය: 2018 අප්රේල් 24 සිට වෙසක් සමය දක්වා
ස්ථානය: වැලිපිල්ලෑව හන්දිය
2018 වෙසක් සමයේදී මගේ බිරිඳත් මමත් එක්ව වැලිපිල්ලෑව හන්දියේ පවත්වාගෙන ගිය කුඩා වෙසක් සැරසිලි වෙළඳසැල අපේ ජීවිතයේ තවත් සුන්දර මතකයකි.
වෙසක් කූඩු, පාට කඩදාසි, බෞද්ධ කොඩි, විදුලි ආලෝක සැරසිලි ඇතුළු වෙසක් සමයට අවශ්ය විවිධ සැරසිලි භාණ්ඩ මෙහි අලෙවි කළෙමු. හැකි තරම් අඩු මිලකට වෙසක් සැරසිලි ජනතාවට ලබාදීම අපේ අරමුණක් විය. දිවා කාලයේ භාණ්ඩ සකස් කිරීමේ සිට රාත්රියේ විදුලි ආලෝකයෙන් වෙළඳසැල අලංකාර කිරීම දක්වා බොහෝ දේ අපි දෙදෙනාම එක්ව කළෙමු.
දින දහයක පමණ කාලයක් මෙම වෙළඳසැල සාර්ථකව පවත්වාගෙන යාමට අපට හැකි විය. එය විශාල ව්යාපාරයක් නොවුණත්, තමන්ගේම අතින් වෙළඳසැල සකස් කර, භාණ්ඩ පිළියෙල කර, මිල නියම කර, පාරිභෝගිකයන් සමඟ කටයුතු කරමින් දවස පුරා එකට වැඩ කිරීම අප දෙදෙනාට වෙනස්ම අත්දැකීමක් විය.
විශේෂයෙන් රාත්රිය වනවිට විවිධ වර්ණවල විදුලි බුබුළුවලින් ආලෝකමත් වූ අපේ පුංචි වෙළඳසැල, වෙසක් සමයේ සතුටත් සමඟ අපේම පුංචි ලෝකයක් වගේ දැනුණා. වැඩ මහන්සිය තිබුණත්, ඒ දින කිහිපය තුළ අපි දෙදෙනා එකට වැඩ කරමින් ගත කළ කාලය අද සිහිපත් කරන විටත් සතුටක් දැනෙනවා.
මුදලින් මැනිය නොහැකි, අප දෙදෙනා එක්ව යමක් ආරම්භ කර එය සාර්ථකව කරගෙන ගිය ජීවිතයේ තවත් සුන්දර දවස් කිහිපයක් ලෙස 2018 වෙසක් සමය මගේ මතකයේ රැඳී තිබේ.















සංවාදයට එක්වන්න.