← සියලු කටයුතු
පෞද්ගලික · උත්සව
Public Speaking වැඩමුළුව – වියත්මග
දිනය29 Aug 2018ස්ථානයවියත්මග කාර්යාලය

විස්තරය
දිනය: 2018 අගෝස්තු 29
ස්ථානය: වියත්මග කාර්යාලය
දේශක: ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත
2018 අගෝස්තු 29 වැනිදා වියත්මග කාර්යාලයේදී ආචාර්ය පුංචි නිලමේ මීගස්වත්ත මහතා විසින් මෙහෙයවූ Public Speaking වැඩමුළුවකට සහභාගී වීමට මට අවස්ථාව ලැබුණා. මහජනයා ඉදිරියේ අදහස් පැහැදිලිව හා විශ්වාසයෙන් ඉදිරිපත් කිරීම පිළිබඳ දැනුම සහ අවබෝධය ලබාගැනීම මෙම වැඩමුළුවේ මූලික අරමුණ වුණා.
“An Introduction to Public Speaking” යන මාතෘකාව යටතේ පැවැති මෙම සැසියේදී මහජන කථනයේ මූලික කරුණු, සභාවක් ඉදිරියේ අදහස් ඉදිරිපත් කිරීම සහ සන්නිවේදනය වඩාත් ඵලදායී කරගැනීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කෙරුණා.
විවිධ ක්ෂේත්රවල පුද්ගලයන් සමඟ එකට හිඳගෙන අලුත් දැනුමක් ලබාගැනීමටත්, අපගේ සන්නිවේදන හැකියාවන් වර්ධනය කරගැනීමටත් ලැබුණු මේ අවස්ථාව 2018 වසරේ මගේ මතක අතර වැදගත් ඉගෙනුම් අත්දැකීමක්.
ව්යාපෘති ඡායාරූප






සංවාදයට එක්වන්න.