බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්යාංශයේ මාධ්ය ප්රධානීන් සඳහා විශේෂ දේශනය

දිනය: 2022-01-20
ආයතනය: බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්යාංශය
දේශනය: සමාජ මාධ්ය තුළින් වෙබ් අඩවි ප්රවර්ධනය කිරීම
2022 ජනවාරි 20 දින බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික අමාත්යාංශයේ මාධ්ය ප්රධානීන් වෙනුවෙන් "සමාජ මාධ්ය තුළින් වෙබ් අඩවි ප්රවර්ධනය කිරීම" පිළිබඳ විශේෂ දේශනයක් පැවැත්වීමට මට අවස්ථාව ලැබුණා.
වසර ගණනාවක් වෙබ් අඩවි නිර්මාණය, සංවර්ධනය සහ අන්තර්ජාල මාධ්ය සමග කටයුතු කිරීමෙන් මා ලබාගත් අත්දැකීම් පදනම් කරගෙන මෙම දේශනය ඉදිරිපත් කළා. වෙබ් අඩවියක් නිර්මාණය කිරීමෙන් පමණක් එහි අරමුණ සම්පූර්ණ නොවන බවත්, එහි අන්තර්ගතය නිවැරදි ඉලක්කගත පිරිස වෙත ගෙන යාම සඳහා සමාජ මාධ්ය ඵලදායී ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳවත් මෙහිදී අවධානය යොමු කළා.
විශේෂයෙන් ආයතනික වෙබ් අඩවිවල තොරතුරු ජනතාව අතරට ගෙනයාම, සමාජ මාධ්ය සහ වෙබ් අඩවි අතර සම්බන්ධතාව ගොඩනැගීම සහ ඩිජිටල් මාධ්ය හරහා වෙබ් අඩවි වෙත වැඩි අවධානයක් ලබාගැනීම සම්බන්ධයෙන් මගේ දැනුම සහ ප්රායෝගික අත්දැකීම් බෙදාගැනීමට මෙය අවස්ථාවක් වුණා.
වෙබ් නිර්මාණකරුවෙකු සහ සංවර්ධකයෙකු ලෙස මා ලබාගත් දැනුම රාජ්ය ආයතනයක මාධ්ය කටයුතු භාර නිලධාරීන් සමග බෙදාගැනීමට ලැබීම, මගේ වෘත්තීය ගමනේ විශේෂ අත්දැකීමක් ලෙස මම සලකනවා.





සංවාදයට එක්වන්න.