← සියලු කටයුතු
සමාජ සේවා · ආධාර

වල්පිට ගම් පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීම

දිනය25 Dec 2021ස්ථානයග්‍රාමසේවක කාර්යාලය
වල්පිට ගම් පුස්තකාලයට පොත් පරිත්‍යාග කිරීම
විස්තරය

දිනය: 2021-12-25
ස්ථානය: වල්පිට
ව්‍යාපෘතිය: හදවතින්ම දරුවන්ට

කියවීමේ පුරුද්ද වර්ධනය කිරීම සහ ගමේ දරුවන්ට මෙන්ම අනෙකුත් පාඨකයන්ටද ප්‍රයෝජනවත් වන කියවීම් අවස්ථා වැඩි කිරීමේ අරමුණින්, වල්පිට ගම් පුස්තකාලය සඳහා පොත් 40කට ආසන්න ප්‍රමාණයකින් යුත් පොත් කට්ටලයක් පරිත්‍යාග කළා.

මෙම පොත් කට්ටලය ග්‍රාමසේවක සන්දනායක මහත්මිය වෙත නිල වශයෙන් භාර දුන්නා. ගමේ පුස්තකාලය තුළින් තවත් පිරිසකට මෙම පොත් කියවීමට අවස්ථාව ලැබීම නිසා, එක් වරක් කරන පොත් පරිත්‍යාගයක් දිගුකාලීනව බොහෝ දෙනෙකුට ප්‍රයෝජනවත් විය හැකි බව මගේ විශ්වාසයයි.

දරුවන් අතර කියවීමේ පුරුද්ද වර්ධනය කිරීම "හදවතින්ම දරුවන්ට" වැඩසටහනේ අධ්‍යාපනික කටයුතු අතර මා විශේෂයෙන් අවධානය යොමු කළ අංශයක්. එහි තවත් එක් පියවරක් ලෙස මෙම පොත් පරිත්‍යාගය මගේ සමාජ සේවා ගමනේ මතකයක් ලෙස සටහන් වෙනවා.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.