වසර 70කට අධික කාලයක් පානීය ජල පහසුකම් නොතිබූ දෙනියාය කිරිවැල්දොළ කනිටු විදුහලට ජලය ලබාදීම

දිනය: 2020-12-01 සහ 2020-12-02 ස්ථානය: කිරිවැල්දොළ කනිටු විදුහල, දෙනියාය ව්යාපෘතිය: හදවතින්ම දරුවන්ට ක්රියාත්මක කිරීම: ඉසුර වික්රමාරච්චි පදනම
දෙනියාය කිරිවැල්දොළ කනිටු විදුහල ආරම්භ කළ දින සිට වසර 70කට අධික කාලයක් පාසලට පානීය ජල පහසුකමක් නොතිබූ බව දැනගැනීමට ලැබුණා. මගේ හිතවත් තිළිණ මල්ලිගේ ඉල්ලීම පරිදි මෙම ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා ඉසුර වික්රමාරච්චි පදනමේ "හදවතින්ම දරුවන්ට" ව්යාපෘතිය යටතේ කටයුතු ආරම්භ කළා.
පාසලට ජලය ලබාගැනීම සඳහා කිලෝමීටර් 1.5ක් පමණ දුරින් පිහිටි කඳුකර උල්පතක් තෝරාගත්තා. එම උල්පතේ සිට පාසල දක්වා ජල නළ එළීම සඳහා කානු කැපීම, නළ මාර්ගය සකස් කිරීම සහ ජලය පාසල වෙත ගෙන ඒම අප මුහුණ දුන් ප්රධාන අභියෝගය වුණා.
2020 දෙසැම්බර් 1 සහ 2 යන දින දෙක පුරා ප්රදේශවාසීන්, දෙමාපියන් සහ ගුරු මණ්ඩලයේ සාමාජිකයන්ගේ ශ්රම දායකත්වයෙන් මෙම කටයුතු සිදු කළා. කඳුකරයේ දුෂ්කර භූමි ප්රදේශ ඔස්සේත්, මාර්ගය අසලිනුත් කානු කපා ජල නළ එළීම සඳහා සැලකිය යුතු වෙහෙසක් දැරීමට සිදු වුණා. සියලු දෙනාගේ සාමූහික කැපවීම මෙම ව්යාපෘතිය සාර්ථක කරගැනීමට විශාල ශක්තියක් වුණා.
දින දෙකක දැඩි වෙහෙසකින් පසුව අවසානයේ පාසලට ජලය ලබාදීමට අපට හැකි වුණා. වසර 70කට අධික කාලයක් පැවති අත්යවශ්ය පහසුකමක හිඟයකට විසඳුමක් ලබාදීමට හැකිවීම මගේ සමාජ සේවා ජීවිතයේ විශේෂ සතුටක් ගෙන දුන් අවස්ථාවක්.
මෙම ව්යාපෘතිය මට වැදගත් වන්නේ පාසලකට ජල නළ පද්ධතියක් ලබාදුන් නිසා පමණක් නොවෙයි. දරුවන්ගේ මූලික අවශ්යතාවක් වෙනුවෙන් ගම්වාසීන්, දෙමාපියන්, ගුරුවරුන් සහ අප සියලු දෙනා එකට එක්ව කටයුතු කළ නිසයි. ඒ සාමූහික උත්සාහයේ ප්රතිඵලය ලෙස පාසලට ජලය ගලා ආ මොහොත සදා මතකයේ රැඳෙන අත්දැකීමක් වුණා.

සංවාදයට එක්වන්න.