← සියලු කටයුතු
පාසැල් · පරිඝණක ව්‍යපෘති

හදවතේ සිහිනය – බෝපාගොඩ අනුර විද්‍යාලය, අකුරැස්ස

දිනය23 Sep 2020ස්ථානයඅනුර විද්‍යාලය බෝපාගොඩ
හදවතේ සිහිනය – බෝපාගොඩ අනුර විද්‍යාලය, අකුරැස්ස
විස්තරය

017 මහා ගංවතුරෙන් නැවත නැගී සිටි පාසලකට 12 වන පරිගණකය

දිනය: 2020 සැප්තැම්බර් 23
පාසල: බෝපාගොඩ අනුර විද්‍යාලය, අකුරැස්ස
දිස්ත්‍රික්කය: මාතර
ව්‍යාපෘතිය: හදවතේ සිහිනය – පරිගණක ව්‍යාපෘතිය
සංවිධානය: ඉසුර වික්‍රමාරච්චි පදනම
විශේෂත්වය: ව්‍යාපෘතිය යටතේ ලබාදුන් 12 වන පරිගණකය

“හදවතේ සිහිනය” පරිගණක ව්‍යාපෘතියේ 12 වන පරිගණකය 2020 සැප්තැම්බර් 23 දින මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස බෝපාගොඩ අනුර විද්‍යාලයේ දරුවන් වෙනුවෙන් ලබාදුන්නා.

මේ පාසලේ කතාව මට විශේෂයෙන් සංවේදී වූ එකක්. 2017 ඇතිවූ මහා ගංවතුරේදී පාසල් ගොඩනැගිලි අඩි හයක් පමණ උසට ජලයෙන් යටවී තිබුණා. පාසල සතුව තිබූ බොහෝ දේ විනාශ වී, ඩෙස් පුටු පවා ගංවතුරට හසුවී කිලෝමීටරයකටත් වඩා ඈතට ගසාගෙන ගොස් තිබූ බව මට දැනගන්න ලැබුණා. අඩු පහසුකම් මධ්‍යයේ අධ්‍යාපනය ලැබූ මේ දරුවන්ට තිබූ සීමිත සම්පත් පවා එම විපතින් අහිමිව තිබුණා.

එහෙත් ඒ සියල්ලෙන් පසුවත් පාසල නැවත ගොඩනැගෙමින් තිබුණා. ගුරුවරුන් සහ පාසල් ප්‍රජාව එක්ව දරුවන්ගේ අධ්‍යාපනය ඉදිරියට ගෙනයාමට කළ කැපවීම මට දැඩි ලෙස දැනුණු දෙයක්. ඒ නිසා “හදවතේ සිහිනය” ව්‍යාපෘතියේ 12 වන පරිගණකය මේ පාසලට ලබාදීමට හැකිවීම මට විශේෂ සතුටක් ගෙනදුන්නා.

මෙම පාසල පිළිබඳව මට තොරතුරු ලබාදී, පරිගණකයක් ලබාදෙන ලෙස ඉල්ලීම කළ එහි නියෝජ්‍ය විදුහල්පති වසන්ත මහතාටද එදින මම විශේෂයෙන් ස්තුතිය පළ කළා.

නමුත් මේ සංචාරයේදී මගේ සිතට වඩාත්ම දැනුණු කාරණයක් තිබුණා. පාසලේ ගුරුවරුන් සියලු දෙනා තම මාසික වැටුපෙන් රුපියල් 1,000 බැගින් පාසල වෙනුවෙන් වෙන්කරමින් සිටීමයි. සම්පත් අඩු පාසලක දරුවන් වෙනුවෙන් තමන්ගේම වැටුපෙන් කොටසක් කැපකරන ඒ ගුරුවරුන් පිළිබඳව එදින මගේ Facebook සටහනේ මා භාවිත කළ වචන දෙක වූයේ:

“ගුරු දෙවිවරු”

ගංවතුරෙන් බොහෝ දේ අහිමි වූ පාසලක් සෙමින් නැවත නැගී සිටින අතරතුර, එහි දරුවන්ගේ අනාගතයට තවත් කුඩා පහසුකමක් එක් කිරීමට හැකිවීම නිසා බෝපාගොඩ අනුර විද්‍යාලයේ පරිගණක පරිත්‍යාගය “හදවතේ සිහිනය” ව්‍යාපෘතියේ මට වඩාත් සංවේදී මතකයක් වූ අවස්ථාවක්.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.