“හදවතේ සිහිනය” – දමුණුමුල්ල කනිෂ්ඨ විද්යාලයට පරිගණකයක්

දිනය: 2020 සැප්තැම්බර් 17
ස්ථානය: දමුණුමුල්ල කනිෂ්ඨ විද්යාලය, ගලේවෙල, මාතලේ දිස්ත්රික්කය
ව්යාපෘතිය: “හදවතේ සිහිනය” පරිගණක ව්යාපෘතිය
“හදවතේ සිහිනය” පරිගණක ව්යාපෘතිය යටතේ 2020 සැප්තැම්බර් 17 දින මාතලේ දිස්ත්රික්කයේ ගලේවෙල දමුණුමුල්ල කනිෂ්ඨ විද්යාලයට සම්පූර්ණ පරිගණක යන්ත්රයක් ලබා දීමට හැකි වුණා.
මේ පාසලේ විශේෂත්වය වූයේ එතෙක් දරුවන්ගේ භාවිතය සඳහා එකම පරිගණකයක්වත් නොතිබීමයි. ඒ නිසා මෙය පාසලට තවත් එක් පරිගණකයක් එකතු කිරීමක් නොව, දරුවන්ට පරිගණකයක් සමඟ ප්රායෝගිකව වැඩ කිරීමට ලැබුණු මුල් අවස්ථාවක් බවට පත්වුණා.
පරිගණකය පාසලට භාරදීමෙන් පසු එය සවි කර ක්රියාත්මක කර දීමටත් හැකි වුණා. ඊළඟ දිනයේ සිටම එය දරුවන්ගේ අධ්යාපන කටයුතු සඳහා භාවිත කළ හැකි වීම මට විශේෂ සතුටක්. නව තාක්ෂණය පිළිබඳව ඉගෙනීමට අවස්ථාවක් නොලැබුණු දරුවෙකුට පරිගණකයක් හඳුන්වා දීම, ඔහුගේ හෝ ඇයගේ අනාගතයට විවෘත වන කුඩා කවුළුවක් විය හැකියි.
මෙම පාසල පිළිබඳ තොරතුරු මට ලබා දී, අවශ්යතාව හඳුනාගැනීමට සහාය වූ තාරක මල්ලි — Tharaka Paradeep Medagedaraටත් මගේ ස්තුතිය.
අප ලබාදුන්නේ එක් පරිගණකයක් පමණක් වුවත්, ඒ හරහා දරුවන් රැසකට අලුත් ලෝකයක් හඳුනාගැනීමට අවස්ථාව ලැබේවා යන්න මගේ ප්රාර්ථනයයි.
පුංචි පැටව් අනාගතය දකිත්වා.













සංවාදයට එක්වන්න.