
දිනය: 2026 ජූනි 01
2026 ජූනි 01 දින සමීර මල්ලිගේ විවාහ ගිවිස ගැනීමේ අවස්ථාවට සහභාගී වුණා. පවුලේ සාමාජිකයන් සහ සමීප හිතවතුන් සහභාගී වූ මෙම අවස්ථාව මටත් විශේෂ මතකයක් වූයේ විවාහ ලියාපදිංචියේ සාක්ෂිකරුවෙකු ලෙස අත්සන් කිරීමට ලැබීම නිසයි.
විවාහ ලියාපදිංචියේදී සමීර මල්ලිගේ පාර්ශ්වයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සාක්ෂිකරු ලෙස අත්සන් කළ අතර, නංගිගේ පාර්ශ්වයෙන් සාක්ෂිකරු ලෙස මම අත්සන් කළා. මේ නිසා ඔවුන්ගේ ජීවිතයේ නව පරිච්ඡේදයක් ආරම්භ වූ දිනයේ නිල වශයෙන්ම කොටස්කරුවෙකු වීමට මට අවස්ථාව ලැබුණා.
මෙම ඡායාරූප ඒ විශේෂ මොහොතත්, ලියාපදිංචි ලේඛනයට අත්සන් කළ අවස්ථාවත්, ඉන් අනතුරුව ගත් සමරු ඡායාරූපත් සටහන් කර තබනවා. සමීර මල්ලිගේ සහ නංගිගේ ජීවිතයේ වැදගත් දිනයක සාක්ෂිකරුවෙකු ලෙස එක්වීමට ලැබීම නිසා මෙය මගේ පෞද්ගලික මතක අතරත් විශේෂ ස්ථානයක් ගන්නා අවස්ථාවක්.

සංවාදයට එක්වන්න.