← ඡායාරූප කාලරේඛාව2026-May-06

අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේගේ ආශිර්වාදය ලබාගැනීම

මහනුවර · Kandy · ශ්‍රී ලංකාව · අස්ගිරි මහා විහාරය, මහනුවර

ස්ථාන සිතියම
Google Maps හි ස්ථානය විවෘත කරන්න ↗

දිනය: 2026 මැයි 06
ස්ථානය: අස්ගිරි මහා විහාරය, මහනුවර

වසර දහයකට ආසන්න කාලයක් පුරා මා විසින් සිදු කළ අධ්‍යයනය, පර්යේෂණය සහ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස රචනා කළ "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය 2026 මැයි 16 වැනිදා ජනගත කිරීමට පෙර, ඒ සඳහා මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබාගැනීම මාගේ විශේෂ බලාපොරොත්තුවක් විය.

ඒ අනුව 2026 මැයි 06 වැනිදා මහනුවර අස්ගිරි මහා විහාරය වෙත ගොස්, අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමිපාණන් වහන්සේ බැහැදැකීමේ භාග්‍යය මට හිමිවිය. එහිදී "මහාවංස ප්‍රදීපිකාව" ග්‍රන්ථය උන්වහන්සේ වෙත පිළිගන්වා, ග්‍රන්ථය පිළිබඳව කරුණු පැහැදිලි කරමින් උන්වහන්සේගේ ආශිර්වාදය ලබාගත්තෙමි.

ඉතිහාස දැනුම නව පරපුර වෙත ගෙනයාමේ අරමුණින් උසස් සහ ගුණාත්මක ආකාරයෙන් නිමකර ඇති මෙම ග්‍රන්ථය පිළිබඳව උන්වහන්සේ මහත් සතුට පළ කළහ. දරුවන්ගේ ඉතිහාස දැනුම තවදුරටත් වර්ධනය කිරීමට උපකාරී වන මෙවැනි නිර්මාණ තවත් බිහිකිරීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවායි උන්වහන්සේ ආශිර්වාද කළහ.

මෙම හමුවේදී උන්වහන්සේ වෙතින් බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ලබාගැනීමට ලැබීමද මගේ ජීවිතයේ විශේෂ මතකයක් බවට පත්විය. මාගේ බිරිඳ සහ පුතුද මෙම අවස්ථාවට එක්ව සිටීම නිසා, "මහාවංස ප්‍රදීපිකාව" ජනගත කිරීමට පෙර ලැබුණු මෙම ආශිර්වාදය අපගේ පවුලටද අමතක නොවන අවස්ථාවක් විය.

අතිපූජ්‍ය මහානායක හිමිපාණන් වහන්සේට තවදුරටත් ශ්‍රී සම්බුද්ධ ශාසනය වෙනුවෙන් මහත් සේවාවක් සිදු කරමින්, දීර්ඝායුෂ සහ නිදුක් නිරෝගී සුවයෙන් දිගු කලක් වැඩ වාසය කිරීමට අවශ්‍ය ශක්තිය සහ ධෛර්යය ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරමි.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.