← සියලු කටයුතු
දේශපාලන · උත්සව

ආචාර්ය නාලක ගොඩහේවාගේ “මගේ චාරිකාව – The Journey” ග්‍රන්ථ එළිදැක්වීම

දිනය07 Jun 2019ස්ථානයශ්‍රී සම්බුද්ධ ජයන්ති ශ්‍රවනාගාරය
ආචාර්ය නාලක ගොඩහේවාගේ “මගේ චාරිකාව – The Journey” ග්‍රන්ථ එළිදැක්වීම
විස්තරය

දිනය: 2019 ජූනි 07
ස්ථානය: ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරය, තිඹිරිගස්යාය
වැඩසටහන: “මගේ චාරිකාව – The Journey” ග්‍රන්ථ එළිදැක්වීම
කර්තෘ: ආචාර්ය නාලක ගොඩහේවා
මගේ භූමිකාව: Event Management – කණ්ඩායම සමඟ
වේදිකා නිර්මාණය: ඉසුර වික්‍රමාරච්චි

2019 ජූනි 07 වන දින තිඹිරිගස්යාය ශ්‍රී සම්බුද්ධ ජයන්ති මන්දිර ශ්‍රවණාගාරයේදී, ආචාර්ය නාලක ගොඩහේවා මහතාගේ “මගේ චාරිකාව – The Journey” ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවය පැවැත්විණි.

මෙම උත්සවයේ Event Management කටයුතු මාගේ කණ්ඩායම සමඟ සිදු කළ අතර, උත්සවයේ වේදිකා පසුතලය සහ සමස්ත Stage Design නිර්මාණය මා විසින් සිදු කරන ලදී. ග්‍රන්ථයේ අනන්‍යතාව හා උත්සවයේ ගෞරවාන්විත ස්වභාවය ඉස්මතු වන පරිදි The Journey සංකල්පය මූලික කරගනිමින් වේදිකාව නිර්මාණය කරන ලදී.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු මැති ඇමතිවරුන් සහ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කළ ආරාධිතයන් රැසක් සහභාගී වූහ.

මෙය Event Management සහ Graphic/Stage Design යන ක්ෂේත්‍ර දෙකම එකට සම්බන්ධ කරමින් මා සහ මාගේ කණ්ඩායම විසින් දායක වූ වැදගත් වැඩසටහනක් ලෙස මගේ වෘත්තීය හා සංවිධාන කටයුතු අතර සටහන් කළ හැකිය.

අදහස්

සංවාදයට එක්වන්න.

0 අනුමත
ඔබ මෙයට සම්බන්ධ වන්නේ කෙසේද?
පරිපාලක අනුමැතියෙන් පසු අදහස් පෙන්වයි. ඔබගේ දුරකථන අංකය සහ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ නොකෙරේ.